නගරෙට වගේම ගමටත් ලිට්රෝ..


ලිට්රෝ ගෑස් යනු තවදුරටත් නගරයට පමණක් අයත් සුඛොපභෝගී භාණ්ඩයක් නොවන බව අපි දන්නවා. සාමාන්‍යයෙන් ලංකාවේ දෛනික LP ගෑස් ඉල්ලුම සිලින්ඩර 80 000ක් පමණ වෙනවා. ඊට අමතරව ග්‍රාමීය පෙදෙස්වල තවමත් දර භාවිතය සිදු වෙනවා. නමුත් පසු ගිය කාලයේ සිදු වූවාක් මෙන් දිර්ඝකාලින වැසි තත්වයක් ඇතිවුවහොත් දර භාවිතයෙන් ඉවුම් පිහුම් කිරීම අඩාල වන බව අපේ ගෘහණියෝ හොඳින් ම දන්නවා. 
ඒ නිසා ගමේ බොහෝ නිවෙස්වලත් ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් වරදින් නෑ. දර වගේ නෙවේ ප්‍රවාහන කිරීම සහ ගබඩා කිරීමත් ඉතා පහසුයි. පාවිච්චියත් ඉතා පහසුයි. ලිට්රෝ ගෑස් ඉල්ලුම දිනෙන් දින වැඩි වෙන්නේ ඒනිසා.

 

නොයෙකුත් දැවීම්වලදී නිකුත්වන ක්ලෝරොෆ්ලෝරො කාබන් කිසිසේත්ම පරිසර හිතකාමී නැහැ. ඒ වෙනුවට සොයාගත් හොඳම විකල්පයක් තමයි  LP ගෑස්. ඕසෝන් වියනේ සුරක්ෂාවට මේ සොයාගැනීම ඉතා වැදගත්. ඒ නිසා ගෑස් භාවිතය පරිසර හිතකාමි අදහසක්.

ඒ වගේම දර කිලෝ 116කින් කරන වැඩේ එක ගෑස් සිලින්ඩරයකින් කරන්න පුළුවන්. නිරන්තරයෙන්  දර දැවීමේදී, දර ලිප ළඟ සිටීමේදී නොයෙකුත් ශ්වසන රෝග ඇතිවීමේ ප්‍රවණතාවක් තියෙන නිසා ලිට්රෝ ගෑස් භාවිතය සැමවිටම ඔබටත් රටටත් හිතකරයි.

 

ලිට්රෝ සමාගමේ ඉලක්කය වන්නේ ජනතාවට ගෑස් සිලින්ඩර ලබාදීම පමණක් නොවේ. ගෑස් යනු විශ්වාසනිය සහ පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයක් ලෙස ජනතාවට අවබෝධ කරදීමයි. මේ නිසා සාම්ප්‍රදායික ඉන්ධනවලට වඩා  ගෑස් භාවිතයේ ඇති ප්‍රතිලාභ ගැන ජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් නොයෙකුත් ප්‍රවර්ධන වැඩසටහන් ලිට්රෝ වෙතින් දියත් කර තිබෙනවා.

 

ලංකාව පුරා LPG ගෑස් උඳුන් මිලියන 2.4 ක් දැල්වෙන බවට වාර්තා වෙනවා . ඒ අනුව බලන විට තත්පරයකට ගෑස් උඳුන් 70ක් රට පුරා දැල්වේ. ගෑස්, පරිසර හිතකාමී බලශක්ත විශේෂයක් වනවාට අමතරව මෙය ග්‍රාමිය ප්‍රජාවගේ ආර්ථිකය නංවාලන ස්වයං රැකියා හෝ  සුළු ව්‍යාපාර වෙනුවෙන් භාවිතා කළ හැකි ලාබදායි  බලශක්තියක් බව ලිට්රෝ ගෑස් නැවත නැවතත් ඔබට සිහිපත් කරනවා.

නගරෙට වගේම ගමටත් ලිට්රෝ.. නගරෙට වගේම ගමටත් ලිට්රෝ.. Reviewed by News Hub on Thursday, December 12, 2024 Rating: 5

No comments:

Powered by Blogger.