ලිට්රෝ සමග ජය ගත් ජන ජීවිත.


ලිට්රෝ යනු තවත් එක් ගෑස් සමාගමක් හෝ තවත් එක් රාජ්‍ය ආයතයනයක් පමණක් නොව ශ්‍රී ලාංකික ජන ජීවිත හා බැඳුණු අත්‍යවශ්‍යම සේවා සපයන්නෙක්. මේ නිසා ම ලිට්රෝ ගෑස් නියෝජිත ජාලයත්, බෙදාහැරීමේ ජාලයත් ශ්‍රී ලාංකික ජන ජීවිතවලට උදා කරන පහසුව අතිමහත්. එපමණක් නොවේ ලිට්රෝ සමාගම හා සම්බන්ධවීමෙන් ඔවුන්ගේ ජීවිත ද කළ එලි වූ වග දන්වන්ට ඔවුන්ද අමතක කරන්නේ නෑ. මීගමුවේ සී ඇන්ඩ් ඒ ගෑස් සෙන්ටර් එකෙ අයිතිකරු වන ක්‍රිශාන් මේ සම්බන්ධව අදහස් දක්වන්නෙ ඉතා ම උද්‍යෝගයෙන්. වසර දහයකට පෙර ලිට්රෝ සමගම හා බැඳුණු ක්‍රිෂාන් ඉතා සුළුවෙන් සිලින්ඩර තිහකින් පමණ සිය ව්‍යාපාරය ඇරඹූ කෙනෙක්. ආර්ථික අර්බුධවලින් මිරිකී සිටි ක්‍රිෂාන් වැඩි බලාපොරොත්තු රහිතව ඇරඹූ මෙම ලිට්රෝ නියෝජිත භාවය ඔහුව ජීවිතේ නොසිතූ තරම් දුර රැගෙන ගිය බව ඔහු පවසන්නේ ආඩම්බරයෙන්. 


සුළුවෙන් පටන් ගත් සිය ව්‍යාපරය මේ වන විට වඩාත් පුළුල් ආකාරයෙන් දියුණු කරගැනීමට ක්‍රිශාන්ට හැකි වූ අතර මේ වන විට ඔහු ලිට්රෝ ගෑස් සපයන්නෙ හෝටල් සහ රෙස්ටුරන්ට් ජාලවලටයි. ඩිලිවරි සර්විස් එකක් ද අරඹා ඇති නිසා වැඩි ආදයමක් ද ලැබෙන ඔබ ඔහු දන්වන්නේ සතුටින්. එසේම කොරෝනා වසංගතය කාලයේ ඇති වූ ගෑස් අර්බුධය හේතු කොට ව්‍යාපාරය දැඩි පීඩනයකට ලක් වුවත් මුදිත පීරීස් නව සභාපතිරයාගේ අදුර්දර්ශී දැක්ම නිසා ජීවිතයට සහනයක් ලැබුණු ආකරයද ඔහු සිහිපත් කරයි. ඒ අසහනකාරී කාලය තුළ ලිට්රෝ සමාගම සෙවණැල්ලක් සේ තමන් පසුපස හයියට සිටි බවත්, කඩ කාමර අලුත්වැඩියා කොට නව සිලින්ඩර ලබා දී සහන සැලසූ හැටිත් ක්‍රිශාන් සිහි කරන්නෙ කෘතඤපූර්වකවයි.

ලිට්රෝ සමග ජය ගත් ජන ජීවිත. ලිට්රෝ සමග ජය ගත් ජන ජීවිත. Reviewed by News Hub on Friday, January 31, 2025 Rating: 5

No comments:

Powered by Blogger.