ලිට්රෝ ගෑස් සමාගමට විටින් විට ආ ප්‍රශ්න ගැටලු සහ ඒවා ඔවුන් ජයගත්ත ආකාරය.


1872 වර්ෂයේදී රත්මලාන ප්‍රදේශයේදී කොළඹ ගෑස් සහ ජල සමාගම නමින් ආරම්භ වූ ලිට්රෝ ගෑස් සමාගම අද වන විට සංවර්ධනය වෙමින්, විකාශය වෙමින් විවිධ කඩයිම් රැසක් පසු කෙරූ ලංකාවේ අංක එකේ සමාගමකි.

වර්තමානය වන විට වෙළඳපළේ එල්පී ගෑස් සැපයුමෙන් 75% කටත් වඩා වැඩි  ප්‍රමාණයක් සපයන කරන ලිට්රෝ සමාගම විටින් විට විවිධ අභියෝග සහ බාධක රැසකට මුහුණ දුන් ආයතනයකි. කෙසේ නමුත් ඒ සියලු අභියෝග සහ බාධක ලිට්රෝ සමාගම එකසේ ජය ගැනීමට සමත් විය.

ලිට්රෝ සමාගම මුහුණ දුන් ප්‍රභල අභියෝගයක් වූයේ ගෑස් හිඟයක් නිසා ලංකාවේ පෝලිම් යුගයක් නිර්මාණය වූ කාල වකවානුවයි. ලංකාවේ ආර්ථික තත්ත්වයත් සමඟ ගෑස් පිටරටින් ගෙන්වීමට විවිධ බාධක අභියෝග විදේශ සංචිත අවමවීම නිසා ගෑස් හිඟයක් නිර්මාණය විය. නමුත් ලෝක මූල්‍ය අරමුදලෙන් ලබාගත් ණය මුදල් නිසි ලෙස කළමනාකරණය කර ගනිමින් සමාගම ගෑස් සිඟයට කඩිනම් විසඳුම් ලබාදුන්නේය. ඊට අමතරව ඉදිරි කාල වකවානුවටත් ඇතිවෙන ලෙස අතිරික්ත ගෑස්  ආනයනය කිරීම කටයුතු කරන ලදී. එමනිසා ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාමේ අවාසිය මහජනතාවට නොදී රටේ ගෑස් මිල ස්ථාවරව පවත්වා ගැනීමට හැකියාව ලැබුණි.

ඊට අමතරව පසුගිය කාලවකවානුවේ ඇතිවුණු ගෑස් පිපිරීමේ සිදුවීම වලටද සාර්ථකව පියවර රාශියක් ගත් සමාගම් බාල ගෑස් රේගුයුලේටර් සහ හෝස් සහ උපකරණ ප්‍රමිතිය හා ගෑස් භාවිතයේ ආරක්‍ෂිත ක්‍රමවේදයන් සම්බන්දව විවිද උපක්‍රම යොදාගෙන ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක් සිදුකරමින් නැවත එම සිදුවීම් සිදු නොවීමට කටයුතු කිරීම පැසසිය යුතු කාරණයකි.

දැනට ලෝකයේ භාවිත වන ආරක්ෂිතම සහ කර්යක්ෂමම ක්‍රමවේද භාවිතා කරමින් ලිට්රෝ සමාගම දිනෙන්දින මහජනතාව වෙනුවෙන් බෙදාහැරීමේ ජාලය වර්ධනය කරගනිමින් රටේ ජනතාවගේ ගෑස් ඉල්ලුම සැපිරීමට හා සහනදායි මිලකට පාරිභෝගියකන්ට ගෑස් සැපයීමට කටයුතු කරනු ලබයි.

මේ අපි සඳහන් කළේ ලිට්රෝ සමාගම මෑත කාලයේදී මුහුණ දුන් අභියෝග කීපයක් පමණයි. ලිට්රෝ  සමාගම එම අභියෝග එකින් එක ජයගනිමින් පාරිභෝගියකන්ට සහන සැලසීම රජයේ  සියලුම ආයතනයන්ට මනා ආදර්ශයකි.

ලිට්රෝ ගෑස් සමාගමට විටින් විට ආ ප්‍රශ්න ගැටලු සහ ඒවා ඔවුන් ජයගත්ත ආකාරය. ලිට්රෝ ගෑස් සමාගමට විටින් විට ආ ප්‍රශ්න ගැටලු සහ ඒවා ඔවුන් ජයගත්ත ආකාරය. Reviewed by News Hub on Thursday, December 12, 2024 Rating: 5

No comments:

Powered by Blogger.